ගොඩ කාලෙකින් හොනට් ගැන පෝස්ට් එකක් දෙන්න බැරිවුන හන්දා ඔන්න අද දෙන්න යන්නේ හොනට් 250 කාණ්ඩයේ චැසි 110 ගැන පෝස්ට් එකක්. සම්පූර්ණම විස්තරයක් දාන්නයි යන්නේ.
කලින් හොනට් චැසි 115 ගැන පෝස්ට් එකක් දැම්මනේ. ඊට කලින් හොනට් හැඳින්වීම එහෙමත් කොටස් දෙකක් විතර ගිහිල්ලා තියෙනවනේ. හොනට් වල පාර්ට්ස් වල ගණං එහෙම බලාගන්න ඕනනම් වෙනම පේජ් එකක් තියෙනවා හදලා.
ඉතින් එහෙනම් වැඩිපුර කතා නැතිව අද මාතෘකාවට බහිමු.
මේ හොන්ඩා හොනට් චැසි 110 මුල්වරට නිර්මාණය කරේ 1997 අවුරුද්දේ. මේකේ කෝඩ් එක, එහෙමත් නැත්නම් මැනුෆැක්චර් කෝඩ් එක වෙන්නේ CB250FV.
බයික් එකේ ඉස්සරහා ඉදලම පටං ගමු.
චැසි 115 බයික් එකට ගොඩක්ම මේ 110 බයික් එක මැච් වෙනවා. මෙහෙම පටං ගමු. චැසි 100ට එන එන්ජිම සිල්වර් කලර් එකෙන් එන්නේ. හැබැයි චැසි 110ට එද්දී එන්ජින් එක කොළ පාට පේන්ට් එකක් වැදිලා තමයි එලියට එන්නේ. ඒ වගේම එන්ජින් නම්බර් එක MC14E-155 වලින් තමයි පටන් ගන්නේ.
චැසි අංකය ගැන ගත්තොත් MC31-110 කියලා තමයි චැසිය පටං ගන්නේ.
කොහොම හරි බයික් එකේ රයිඩර් පොසිෂන් එකේ තියෙන ෆූට්රස් එක ගාවට ඔය උඩ පොටෝවේ පේන විදිහට කලු පාට රබර් බුෂ් එකක් එනවා දෙපැත්තටම.
බයික් එකට ඔරිජිනල් එන්නේ රතුපාට ප්ලග් ටොප්ස් වගේම, රතුපාට මොනෝෂෝක් එකක්.
මේ මොඩල් එකේ ඉදලා තමයි හෙල්මට් හෝල්ඩර් එන්න ගත්තෙත්. ඒ වගේම මේකේ ගොඩක්ම ජනප්රිය පාට උනේ සිල්වර් කලර් එකේ බ්ලැක් මැට් රිම් තියෙන මොඩල් එක.
චැසි 100 බයික් එකට වඩා හාත්පසින්ම මේ 110 බයික් එක වෙනස් වෙනවා වගේම, 115 චැසියට යද්දී 110 බයික් එකෙයි 115 බයික් එකෙයි ලොකු වෙනසක් දකින්න ලැබෙන්නේ නෑ.
මීටර් ඩයල් දෙකම සුදු පාටින් එන්නේ. ඒ වගේම ෆුවල් ඉන්ඩිකේටරයක් නෑ. තියෙන්නේ ස්ටෑන්ඩ් සෙන්සර් ඉන්ඩිකේටරය විතරයි. ඒ වගේම හීට් මීටරය තියෙනවා.
බයික් එකට ඔරිජිනල් එන්නේ K1 සයිලාන්සර් එක.
ලංකාවේ ඔරිජිනල් 110ක් 3.90 ඉදලා 4.10 වගේ වෙනකම් අන්රෙජිස්ටර් යනවා.
බයික් එකේ පිටිපස්ස ගැන ගත්තොත්, ගෝල්ඩ් චේන් එක වගේම පිටිපස්සට එන්නෙත් ගෝල්ඩ් කලර් ස්පොකට්.
සුපුරුදු විදිහටම ස්ටිකර්ස් ගැන ගත්තොත් ටැංකියට හොනට් කියලා එනවා. එච්චරයි. හම්ප් එකට ස්ටිකර් එන්නේ නෑ.
---------------------------------------------------------------------
ප.ලි -
-----------------------------------------------------------------------
වැදගත් වුනානම් කමෙන්ටුවක් දාගෙන යමු නේ...
9 Comments
Watinawa bro
ReplyDeleteගොඩක් වැදගත්. හැබැයි පෝස්ට් එකක් දාන්න කල් ගන්නව ටිකක් වැඩිද මන්ද... කෝ තාම Honda Jade එක ගැන දැම්මෙ නැහැනෙ... :(
ReplyDeleteවැඩත් එක්කනේ මචං දාන්නේ.
ReplyDeleteubawa cont. karaganna vidiyak nadda bn?
ReplyDelete077 46 76 423
Deletejade gana daanda machan loku wistarayak .. jaya wewa
ReplyDeleteHornet 125 චැසිය ගැන විස්තර දාන්න පුළුවන්ද?
ReplyDeletehornet ch125 gana danna puluwanda?
ReplyDeleteUsefull bro...
ReplyDeleteVisit my blog also