හොන්ඩා හොනට් චැසි 150 ගැන හැමදෙයක්ම (All about Honda Hornet chassis 150)

 
හරි එහෙනම්, ටික කාලයකට පස්සේ තව පෝස්ට් එකක් දෙන්නයි යන්නේ. මුලින්ම හොන්ඩා හොනට් චැසි 115 ගැන ඔයාලට කියලා දුන්නනේ. ඒ වගේම හොන්ඩා හොනට් බයික් එක හඳුන්වා දීමකුත් කරානේ. ඒකටනම් තව කොටස් අයත් වෙනවා. ඒ වගේම හොනට් බයික් එකේ පාට්ස් වල ගණං එහෙමත් ඔයාලට බලාගන්න වෙනම පේජ් එකකුත් තියෙනවා. ඒකට තව අප්ඩේට් වගයක් එකතු කරන්නත් ඕන. ගොඩක් අය කිව්වා හොන්ඩා ජේඩ් බයික් (Honda Jade) එක ගැනත් දේවල් කියන්න කියලා. ඒක මේ දවස් වල ලියාගෙන යනවා. ඒ වගේම ඉස්සරහට අනිත් චැසි ගැන විස්තරත් ඔයාලට බලාගන්න පුලුවන් වෙයි.


හරි එහෙනම් අද කතාව පැත්තට හැරෙමු. හොන්ඩා කම්පැනිය මේ හොනට් චැසි 150 නිෂ්පාදනය කරේ 2006 දෙසැම්බර් 26. මේකත් සිලින්ඩර් 4 කින් යුක්ත 250 ඉන්ජින් ධාරිතාවකට අයත් වෙන බයික් එකක්. මේ හොනට් චැසි 150 වර්ග දෙකක් යටතේ ආවා. ඒ Deluxe වර්ෂන් එකයි, නෝර්මල් වර්ෂන් එකයි කියලා. 

           

හොනට් චැසි 150 චැසි නම්බර් එක වෙන්නේ BAMC31-150. එතකොට එන්ජින් නම්බර් එක වෙන්නේ MC14E-200. බොහෝ දුරට මේ චැසි 150 බයික් එක චැසි 140ට සමාන වෙනවා. දැන් ඉතිං බැනහල්ලා චැසි 150 ගැන දන්නේ නැති අපි චැසි 140 ගැන දන්නේ කොහොමද යකෝ කියලා. පොඩ්ඩක් මම විස්තර කරන්නම්.

කලින් කිව්වනේ බයික් එක වර්ෂන් දෙකකට එනවා කියලා. ඩියුලක්ස් වර්ෂන් එක එන්නේ බයික් එකේ පේන්ට් එක ටූ ටෝන් විදිහට. ඒ කියන්නේ පාට දෙකකට. නෝර්මල් එහෙමත් නැත්නම් ස්ටෑන්ඩර්ට් බයික් එක එන්නේ සින්ගල් ටෝන් පේන්ට් එක. ඒ කියන්නේ තනි පාට. මේ චැසි 150ට බයික් එකේ පේන්ට් එකට ගැලපෙන විදිහට රිම් එකේ ඒඩ්ජ් එක වටේට කලර් කෝඩ් එකක් යනවා.



ඒ කියන්නේ බයික් එක රතුනම් රිම් දෙක වටේට රතු පාටින් පේන්ට් කෝඩ් එකක් හීනියට යනවා.  මේ යට දාලා තියෙන්නේ ඒක තේරුම් ගන්න බැරි අයට පොටෝවක් ඈ.

මේ තියෙන්නේ හොනට් චැසි 150 ඩියුලක්ස් මොඩල් එකක්. හොඳට බැලුවොත් පේනවා ඇති රිම් දෙකේම එඩ්ජ් එකට වන්න සුදුපාටින් ස්ට්‍රිප් එකක් තියෙනවා කියලා. ඔන්න ඕක ගැන තමයි මම කිව්වේ.

හෙඩ් ලයිට් එකට එන්නේ ක්‍රිස්ටල් ලයිට් එකක්. එතකොට ඉස්සරහට බ්‍රේක් ඩිස්ක් එක එන්නේ චැසි 100 - 115 බයික් වල ආපුු එකමයි. මීටරේ ගැන ගත්තොත් කාබන් ෆයිබර් මීටරයක් තියෙන්නේ. හැබැයි RPM මීටරේ ඇතුලේ සිල්වර් කලර් එකෙන් HORNET කියලා ගහලා තියෙනවා. පාකින් බල්බ් එකත් එන්නේ ක්‍රිස්ටල් ලයිට් එකෙන්. ගොඩක් අය මේ ගැන දන්නේ නෑ. එතකොට හෝන් එක එන්නේ සයිලාන්සර් බෙන්ඩ් එකට ඇතුලෙන්.

ස්වින්ග් ආර්ම් වල එන්නේ කලුපාට බුෂ්. බයික් එකට එන්නේ K2 සයිලාන්සරයක්. ඒ වගේම  බයික් එකේ ස්ටිකර් අතින් ගත්තොත් ටැංකියේ Honda වින්ග් එකත් එක්ක ලෝගෝ එක තියෙනකොට හම්බ් එකේ Hornet කියලා එනවා. ඒ වගේම චැසි 140 ඉදන් පටං ගත්තා පොඩි දෙයක්. ඒ තමයි පිටිපස්සෙන් අල්ලගෙන යන්න තියෙන කෑල්ල. ඕක කලින් ආපු චැසි වල ආවේ නිකල්. හැබැයි චැසි 140 ඉදන් චැසි 150 වෙනකම් ඕක ආවේ ඔය පේනවා වගේ මැට් කලු පාටකින් පේන්ට් කරලා. 

ඉතින් තව මොනවහරි විස්තර දැනගන්න ඕනනම් කමෙන්ට් එකක් දාන්න.
නැත්නම් මාව FB එකෙන් කන්ටැක්ට් කරගන්න.
www.fb.com/lionshan



Post a Comment

10 Comments

  1. Ay machan fork eka black(mat) colour
    Sheat eke pitipasse dots tiyenva
    Fuel tank cup eka black colour

    ReplyDelete
  2. Thawa ekak bro add it... ඉස්සරහ ලියිට් කප් එක අනිත් ආපු chassi වල බයික් එකට වඩා පිටිපස්සට තිය්නව.ඒ කිය්න්නෙ හෙඩ් ලයිට් එකේ කප් එක ලොකුයි..fork බට දෙක යට කොටස ආවෙ black clr එක.120,125,130,140 වගේම මේකත් සෙන්සර් කාබ් ආවෙ. :)

    ReplyDelete
    Replies
    1. ඔය කියන ඔක්කොම තියන 150ක් හොයනවා නෙමේ දකිනවා කියන්නේ හාවා හඳ දකිනවා වගේ වැඩක්...

      Delete
    2. ubawa fb hoyaganna amaruine bn

      Delete
    3. https://www.facebook.com/chalindudesh :-bd

      Delete
  3. Thawa ekak bro add it... ඉස්සරහ ලියිට් කප් එක අනිත් ආපු chassi වල බයික් එකට වඩා පිටිපස්සට තිය්නව.ඒ කිය්න්නෙ හෙඩ් ලයිට් එකේ කප් එක ලොකුයි..fork බට දෙක යට කොටස ආවෙ black clr එක.120,125,130,140 වගේම මේකත් සෙන්සර් කාබ් ආවෙ. :)

    ReplyDelete
  4. anith chh walata wada chh 150 bike eka size eken tikak lokuy

    ReplyDelete