All things about Bajaj Pulsar CS400 (බජාජ් පල්සර් CS400 ගැන හැමදෙයක්ම)



2014 පෙබරවාරි 5 වෙනිදා බජාජ් ආයතනය විසින් ඉන්දියානු යතුරුපැදි වෙළඳපොල වෙනත් සීමාවකට අරගෙන ගියා. ඒ පල්සර් සීඑස්400 (Pulsar CS400) කියන යතුරුපැදිය දිල්ලියේ තිබුන ඔටෝ එක්ස්පෝ ප්‍රදර්ශණයේ දී ප්‍රදර්ශණය කිරීමෙන්. මේ බයික් එක නෙක්ඩ් ගනයට අයත් වෙන බයික් එකක්. කොහොමහරි මේ බයික් එක බජාජ් කම්පැනිය වෙලදපොලට දාන්න ඒ අය හිතාන හිටියේ 2016 අවුරුද්දේ. කොහොමහරි බයික් එකේ ස්පෝර්ට් ගතිය, ස්ටයිල් එක, තාක්ෂණය, ප්‍රෆෝමන්ස් එක වගේම වේගය අතිනුත් අනිත් හැම බයික් එකකටම වඩා වැඩියි කියලයි මේ අයනම් කියන්නේ. මේ බයික් එකට KTM 390 බයික් එකේ එන්ජින් එක ඒ කියන්නේ 373.2CC එන්ජින් එක නිසාම පොඩ්ඩක් විතර වැඩි බලයක් බයික් එකට යෙදෙනවා කියලා තමා බජාජ් ආයතනය විහින් කියන්නේ. බලමු එහෙනම් මේ Bajaj Pulsar CS400 බයික් එකේ විස්තර ගැන.


මේ පල්සර් අලුත් 400 බයික් එකට කලින් බජාජ් ආයතනය විසින් නිෂ්පාදනය කරපු පල්සර් 200NS බයික් එකේ හැඩයත් එකතුවෙලා තවත් අලුත් හැඩයන් කිහිපයක්ම එකතු කරලත් තියෙනවා. බයික් එකේ විශේෂත්වයක් කියන්නේ ඉන්දියාවේ මාකට් එකේ මේ වෙනකම් තිබුනේ නැති වෙනම විශේෂිත හැඩයක් මේ බයික් එකට එකතු කිරීමයි. මේ බයික් එකට ගොඩක් දීප්තිමත් හැලජන් හෙඩ්ලයිට් එකක්, ස්පෝර්ට් හැන්ඩ්ල් බාර් එකක්, බයික් එකටම ගැලපෙන විදිහට නිර්මාණය කරනු ලැබූ තෙල් ටැංකියක්, බයික් එකටම අනන්‍යවුන ගියර් ඉන්ඩිකේටර් එකක්, වෙනමම නිර්මාණය කරනු ලැබූ සයිලාන්සර් එකක් වගේම බයික් එක පදින කෙනාට පහසුවෙන් ගමන අවසන් වෙනතෙක් බයික් එක පැදගෙන යන්න පුලුවන් විදිහට රයිඩින් පොසිෂන් එක සකස් කරලත් තියෙනවා. ඒ වගේම MRF ටයර් තමයි බයික් එකට ස්ටොක් ටයර් විදිහට එන්නේ, සිග්නල් ලයිට්නම් පොඩියි.

මේ බයික් එකේ ගොඩක් දේවල් ඩිජිටල් ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. ඩිජිටල් ස්පිඩෝමීටර් එක, ඩිජිටල් ෆුවල් ඉන්ඩිකේටර් එක, ටෙකෝමීටර් වගේ දේවල් සියල්ල ඩිජිටල් ආකාරයටයි පෙන්නන්නේ. ඒ වගේම වෙලාව පෙන්වන්නත් මේ බයික් එකේ ඩිජිටල් ආකාරයෙන් තිරයක් තියෙනවා. ඒ වගේම පාස් ලයිට් එක, තෙල් අඩුයි කියලා පෙන්නන්න, ඔයිල් වගේම බැටරි ඉන්ඩිකේටර් පවා මේ බයික් එකේ තියෙනවා. ඒ වගේම විශේෂිත වශයෙන්ම ස්ටෑන්ඩ් එක ගහලා තියෙනවනම් ඒකට මේ බයික් එකේ එලාර්ම් එකකුත් එනවා. ඒ නිසා දැන් ඉන්දියන් බයික් වල ස්ටෑන්ඩ් එක ගහගෙන පදින අය අඩු වෙයි. 

මේ පල්සර් සීඑස් 400 බයික් එකට එන්නේ 373.2cc තනි සිලින්ඩර් ෆෝ ස්ට්‍රෝක් එන්ජින් එකක්. ඒ වගේම බජාජ් ආයතනයේ ට්‍රිපල් ස්පාර්ක් ටෙක්නොලජි එකත් මේ බයික් එකට එකතු කරලා තියෙනවා. ඒ අඩු කාලයක් තුල වැඩි වේගයක් ගන්න පුලුවන් වෙන විදිහට. බයික් එකේ ගියර් බොක්ස් එක ගියර් 6 කින් සමන්විත වෙනවා.

බයික් එකේ ටොප් ස්පීඩ් එක 150+kmph වෙනවා වගේම තත්පර 7 - 8 ක් ඇතුලත 0 - 100kmph අතර ඇක්සලරේෂන් එකකට යන්න පුලුවන්. බයික් එකේ තෙල් වැඩකරන ගාන ගත්තොත් ලීටරයකට කිලෝමීටර් 30 ක් විතර කරනවා කියලා තමයි ආරන්චිය.

බයික් එකේ ඉස්සරහා බ්‍රේක් ඩිස්ක් එක මිලිමීටර් 300 එකක් වගේම පිටිපස්සහ තියෙන්නේ මිලිමීටර් 230 එකක්. ඉස්සරහ පිටිපස්ස බ්‍රේක් දෙකටම ABS බ්‍රේක් සිස්ටම් එක තියෙනවා. පිටිපස්සට මොනෝෂොක් එකකුත් එනවා.

මේ පල්සර් CS400 බයික් එක Pulsar CS400 සහ Pulsar CS400 ABS කියලා වර්ග දෙකකින් වෙළදපොලට නිකුත් කරනවා.

බයික් එක රතු, කහ, නිල් සහ කලු කියන පාට වලින් තමයි එන්නේ. 

තව වැඩිපුර විස්තර ටිකකුත් කියන්නම්.

 මේ සීඑස්400 බයික් එක ගොඩක්ම ඩුකාටි ඩියාවෙල් බයික් එකට සමානකම් පෙන්නනනවා. කලින් නම් බජාජ් කාරයෝ මොඩල් ඉස්සුවේ හොන්ඩා බයික් වල විතරනේ. දැං ඩුකාටි මොඩල් වලටත් අත ගහලා තියෙනවා. මොකද ඩුකාඩි ඩියාවෙල් බයික් එකේ ස්පිඩෝමීටරේ එහෙම තියෙන්නෙත් ටැංකියේ. මේ පල්සර් 400 එකෙත් එහෙමයි. 







එහෙනම් යාළුවෝ අතර පෝස්ට් එක ෂෙයාර් පාරක් එහෙම දාන්න. කමෙන්ට් පාරකුත් දාගෙනම යන්න.

Post a Comment

2 Comments

  1. Ducati යේ හුළංවත් ගැවෙන්න යන්න පුළුවන්ද දන්නෑ

    ReplyDelete