KTM Duke 200 ගැන හැම දෙයක්ම (All things about KTM Duke 200)



තවත් හැමෝම දන්න බයික් එකක් ගැනයි කියන්න යන්නේ අද පෝස්ට් එකෙන්. මාතෘකාව දැක්කහම අමුතුවෙන් බයික් එක මොකක්ද කියලා කියන්න ඕන කමක් නෑනේ. අද කතාකරන්න යන්නේ KTM බයික් මාදිලියේ Duke 200 මොඩල් එක ගැන.

KTM කියන්නේ naked වර්ගයේ සහ off-road මාදිලියේ මෝටර්සයිකල් නිර්මාණය කරන එක ආයතනයක්. මේ අද කතා කරන්න යන KTM Duke 200 කියන බයික් එක නිර්මාණය වෙන්නේ ඉන්දියාවේ KTM ආයතනය මඟින්. මේ බයික් එක ඉන්දියාවේ මාකට් එකට එලියට දැම්මේනං 2012 ජනවාරි 24 වෙනිදා. මේ බයික් එකේ ස්පෝර්ට් ලුක් එක, ස්පෝර්ට් ආතල් එක විතරක් නෙමෙයි, 200CC එන්ජිම වුනාට ඉන්දියාවේ තියෙන අනිත් 200CC බයික් වලට වඩා මේකේ එන්ජිම ප්‍රබලයි වගේම නිපදවෙන ශක්තිය ඉතාමත් වැඩියි.

-------------------------------------------------------------------------------
ඉන්දියාවේ KTM ආයතනය විසින් මේ ගැන කියලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

This monster generate 25 Bhp of maximum power and around 19.2 Nm of maximum torque, which is much higher than the normal 200cc commuter bikes available in India, which deliver 15 to 18 Bhp of maximum power.
 -------------------------------------------------------------------------------

කොහොමහරි KTM සහ Bajaj ආයතන දෙකම එකතුවෙලා 2016 වර්ෂයේ ඉදන් එන මේ 200 බයික් එකට ඔන්ලයිට් එන විදිහට වැඩේ දුන්නා. ඊට කලින් ආපුවාගේ ඔන්ලයිට් ආවේ නෑ. ඩිම් එකටයි හයි එකටයි සුවිච් තිබුනා. 2016 ඉදන් එන ඒවට ඩිම් එක ඔන් ලයිට්. හයි එකට විතරයි සුවිච් එකක් එන්නේ. ඒ වගේම 2016 ඉදන් එන බයික් එකේ පේන්ට් එකේ කොලිටිය අනිත් අවුරුදු වල ගහපු 200 බයික් එක්ක බලද්දී ගොඩක් උසස් අගයක් ගන්නවා. ඒවගේම NOK සීල්, සැපට යන්න පුලුවන් විදිහට හැඩගන්වපු ෂීට් එක, හැන්ඩ්ල්බාර් එකේ ලීවර්ස් ඇජස්ට් කරන්න පුලුවන් වීම, රේඩියේටර් ෆෑන්ස් වැඩිදියුණු කරලා කලින් තිබුනට වඩා හොඳ කූලින් සිස්ටම් එකක් හදලා තියෙනවා. මේ KTM RC200 සහ Duke 200 බයික් වලට 2016 න් පස්සේ එද්දී සයිඩ් මිරර්ස් හොඳ පැහැදිලි ගතියක් වගේම අලුතෙන්ම ආපු MRF ටයර් මොඩල් එකයි එන්නේ. ඒවගේම කලින් ඉස්සරහා බ්‍රේක් ඩිස්ක් එක තිබුනේ 280mm විදිහට. 2016 ඉදන් ආපු බයික් වල ඉස්සරහට බ්‍රේක් ඩිස්ක් එක ආවේ 300mm විදිහට. RC 200 ටත් ඒ සෙතේම තමයි.

මේ බයික් එකේ ඩිසයින්ග් එකයි කන්සෙප්ට් එකයි ඇත්තම කිව්වොත් ඉන්දියාවට අලුත්ම දෙයක්. Yamaha FZ වගේ නෙක්ඩ් මොඩල් එකේ බයික් ඉන්දියාවෙන් ගහනවා දැකලා තියෙනවා තමයි. හැබැයි මේ KTM 200 තියෙන ප්‍රීමියම් ලුක් එක ඒ බයික් වලින් ගන්න බෑ. බයික් එකේ ඉස්සරහ ඉදන් පටං ගත්තොත් බයික් එකට ගොඩක් තුනී හෙඩ් ලයිට් එකක් තියෙන්නේ. ඉස්සරහ මඩ්ගාර්ඩ් එකත් බොහොම කෙටි එකක්. හැබැයි මඩ්ගාර්ඩ් එක පොඩි වුනාට ෆෝර්ක්නම් ටිකක් මහතින් වැඩියි. ඩිස්ක් එකේ පළලයි, පළල් ටයර් නිසයි බයික් එකේ සෙල්ලක්කාරකම ගොඩක් ලොකු කරලා පෙන්වන්න පුලුවන් වෙලා තියෙනවා. බයික් එකේ පැනල් නම් බොහොම කුඩා ඒවා. තෙල් ටැංකිය පස්සහින් උස් කරලා ඒකේ ස්පෝර්ට් ගතියක් අරගෙන තියෙනවා. පිටිපස්සේ මඩ්ගාර්ඩ් එක පස්සහ ටයර් එකත් එක්ක ගැලපෙන්නම තියෙන නිසා පස්සහින් බැලුවත් බයික් එකේ ස්පෝර්ට් ලුක් එකක් තියෙනවා කියලා කියන්න පුලුවන්. පොඩි ටේල් ලයිට් එකකුයි, කලු පාටින් වටවෙච්ච ප්ලාස්ටික් නිසයි පැහිදිලිවම අනිත් කෙනාට ලයිට් එක පේනවා. 

මේ KTM Duke 200 බයික් එකට එන මීටරේ ඩිජිටල් එකක්. ස්පීඩෝමීටර් එක, ඔඩෝමීටර් එක, ට්‍රිප් මීටර් එකයි, ෆුවල් මීටර් එකයි හතරම මේ මීටරේ තියෙනවා. ඒ වගේම LED ඉන්ඩිකේටර් වගයකුත් තියෙනවා.  මීටරේ බැක්ලයිට් එක තැඹිලි පාටයි. අනිත් සේරම පෙන්වන්නේ කලු පාටින්. හැබැයි ඉතින් මීටරේ පොඩ්ඩක් විතර කියවන්නනම් අමාරුයි.

බයික් එකට තියෙන්නේ සින්ගල් සිලින්ඩ්, ලික්වඩ් කූල්ඩ් 200cc එන්ජින් එකක්. එන්ජින් එක 4-stroke. බයික් එකට ජියර් හයක් තියෙනවා. පලවෙනි ජියර් එක පහළට, අනිත් පහම උඩට. 



විශ්ලේෂකයන් කියන විදිහට ඉන්දියාවේ ගහපු ස්ට්‍රීට් බයික් වර්ගයට අයත්වන හොඳම එන්ජිමක් තියෙන බයික් එක වෙන්නේ මේ KTM Duke 200. DOHC එන්ජින් එක නිසා බයික් එකේ උපරිමයටම ඔයාට කිසි අවුලක් නැතිව ඇක්සලරරේට් කරන්න පුලුවන්. බයික් එකට පැයට කිලෝමීටර් 0-100 ත් අතර වේගයකට තත්පර 9.2 කින් යන්න පුලුවන්. 

තෙල් තත්වය ගැන කතා කරොත් නගරයේදී ලීටරේකට කිලෝමීටර් 2-35 අතර ගාණකට යන්න පුලුවන්. හයිවේ එකේදී මීට වඩා කිලෝමීටර් දෙකක් තුනක් වැඩිවේවි. 

බයික් එකේ ෂීට් එක අතින් ගත්තොත් ෂීට් එක ගොඩක් සැපපහසුයි. අනිත් බයික් වල වගේ නෙමෙයි, ඔයා දුර ගමනක් යනවනම් ඒ ගමන කිසිම අවුලක් නැතිව බයික් එකේ ඉදගෙන ලස්සනට පදින්න පුලුවන්. 

හෙඩ්ලයිට් එක ගැන කතා කරොත් අනිත් බයික් වලට වඩා හොඳට පාර පේන විදිහට සැරක්, ආලෝකයක් ලයිට් එකේ තියෙනවා. බයික් එකේ හැබැයි බඩු මොනවාහරි ඔබාගෙන යන්න ස්ටෝරේජ් එකක්නම් නෑ.

බයික් එකේ ඉස්සරහට එන්නේ අප් ඩවුන් ෆෝක් දෙක්ක. පිටිපස්සට මොනෝෂොක් එකක්. ඉස්සරහට මිලිමීටර් 300 ක බ්‍රේක් ඩිස්ක් එකක්, පස්සහට මිලිමීටර් 230 ක බ්‍රේක් ඩිස්ක් එකක් එනවා. 

සස්පෙන්ෂන් අතින් ගත්තොත් ඒ ගැන කතා කරලා වැඩක් නෑ. පළල් පිටිපස්ස ටයර් එකක් තියෙන නිසා බයික් එක පැදගෙන යද්දී ස්ටේබල් ගතිය වැඩියි. 

මේ බජාජ් කේටීඑම් 200 බයික් එක මිළ වෙලා තියෙන්නේ නිව් දිල්ලියේ ෂෝ රූම් වල හැටියටනම් ඉන්දියානු රුපියල් 1,42,000 කට. මිළ අතින් ගත්තහම 200cc එන්ජිමකට ටිකක් විතර මේ ගාන සැර වැඩියි. Yamaha R15 (150CC) බයික් එකෙත් මිළ වෙන්නේ ඉන්දියානු රුපියල් ලක්ෂ 1.14කට. ඒකත් ගොඩක් හොද මාකට් බයික් එකක් උනා. 

බයික් එක මාකට් එකට ආවේ තැඹිලි පාටින් විතරයි. හැබැයි ඉතින් පාරිභෝගිකයින්ගේ ඉල්ලීම පරිදි පහු පහුවෙලා හරි සුදු පාටටයි කලු පාටටයි බයික් එක එලියට ආවා. 

Post a Comment

6 Comments

  1. elakri mchan..mama ube blog eka hamadama kiywana..thawa dapan..elakiri

    ReplyDelete
  2. hornet ekak gannawanam mkakda ganna puluwan hoda chassis eka

    ReplyDelete
    Replies
    1. ලංකාවේ හොනට් වල ගණං බලපුවාම චැසි 100, 110, 115 තමයි ගොඩක් අය ගන්නේ. මොකද මේ බයික් ලක්ෂ 3.5 ක ඉදලා 4.8ක් වගේ ගණං වලට ගන්න පුලුවන්. හැබැයි බයික් එකේ කන්ඩිෂන් අනුව මේ ගණං වෙනස් වෙන්න පුලුවන්. චැසි 110, 115 ඔරිජිනල් බයික් ගොඩක් දුරට ලංකාවේ හොයාගන්න අමාරුයි. තිබුනොත් ගොඩක් ඒවා තියෙන්නේ 100 චැසිය 110 චැසි කරපුවා. නැත්නම් 110 චැසිය 115 කරපුවා. ඉතින් 110, 115 චැසි වලට යනවනම් ගොඩක් හොදයි. හැබැයි හොනට් 250 වලින් හොදම බයික් එක 150 චැසිය :) ලංකාවේ ඉතින් සුපිරි කන්ඩිෂන් එකක් ලක්ෂ හය හමාරක් විතර වෙනවා.

      Delete
  3. අඩො බ්ලොග් එක පට්ට බං
    තව බයික් ගැන පෝස්ට් දීපං මචං

    ReplyDelete
  4. අඩො බ්ලොග් එක පට්ට බං
    තව බයික් ගැන පෝස්ට් දීපං මචං

    ReplyDelete