Top 10 Indian Bikes in 2016 (2016 වර්ෂයේ හොඳම ඉන්දියන් යතුරුපැදි 10)

ඕනම පුද්ගලයෙක් එකඟවෙයි තමන් භාවිතා කරන යතුරු පැදියෙන් තමන්ගේ ආර්ථික තත්වය පිළිබිමු වෙනවා කිව්වොත්. හැබැයි ලංකාවේ ඒ තත්වය වෙනස්දෝ කියලත් හිතෙනවා. මොකද ඉතින් දිගට හරහට ෆිනෑස් දාලනේ දැන් කට්ටිය බයික් විතරක් නෙමෙයි, රෝද හතරේ වාහන පවා ගන්නේ. ඒ වගේම කෙනෙකුගේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහටත් යතුරුපැදියක් තෝරගන්නවා කියන්නත් පුලුවන්. 



අද ලිපියෙන් කියවෙන්නේ 2016 වර්ෂය වෙද්දී ලංකාවේ ගොඩක්ම ප්‍රසිද්ධ ඉන්දියානු බයික් 10 ගැන.

10. Yamaha Fazer (යමහා ෆාසර්)


යමහා ෆාසර් කියන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත ගොඩක් හොඳ යතුරුපැදියක් කියලා කියන්න පුලුවන්. මේ යතුරුපැදියේ නවතම බයික් එක, ඒ කියන්නේ Yamaha Fazer Fi V2.0 බයික් එක එන්නේ ෂීට් එක කෑලි දෙකකට කඩලා, අලුත්ම හැඩයක් ගත්තු එක්ස්හෝස් එක වගේම මේ යතුරුපැදියේ තවත් බොහෝ සෙයින් වෙනස්වීම් සිදුවනවා කියලයි නිෂ්පාදකයින් කියන්නේ. ඒ වගේම අලුත්ම පාට කීපයකින් වගේම අලුත් ස්ටිකර් වගයකුත් බයික් එකට ඇතුලත් වෙයි කියලයි ඔවුන් කියන්නේ. White cloud, Black Hawk, Red Dawn කියන පාට තුනෙන් මේ බයික් එක එනවා. පරණ බයික් එකත් එක්ක සන්සන්දනය කරද්දී මේ අලුත් බයික් එක කිලෝග්‍රෑම් 138ක් වෙන්නේ. ඒ කියන්නේ කලින් බයික් එකට වඩා කිලෝ තුනකින්ම බර අඩුයි.

Engine: 149cc single-cylinder, air-cooled, fuel-injected engine
Power and Torque: 13.1PS of power,  12.8Nm of torque


09. Honda CBF Stunner (හොන්ඩා සීබීඑෆ් ස්ටනර්)


මේ හොන්ඩා ස්ටනර් කියන යතුරුපැදිය නිෂ්පාදනය කරේ 2010 වර්ෂයේ. ඉන්දියාව තුලදී කීප වතාවක්ම වැඩිපුර අළෙවි වුන යතුරු පැදිය විදිහට නමක් දිනාගත්ත බයික් එකක්. 

Engine: 125cc
Mileage: 61kmpl
Max Power: 10 bhp @ 8000 rpm
Weight: 128 kgs


08. Honda Shine (හොන්ඩා ෂයින්)


ඉන්දියාව තුල හොන්ඩා ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලැබූ යතුරු පැදියන්ගෙන් වැඩිපුරම අළෙවි වූ යතුරුපැදියක් විදිහට මේ හොන්ඩා ෂයින් 125cc යතුරුපැදිය සලකන්න පුලුවන්. මෙහි ඇති ජවය, ඉන්ධන ක්‍රියාකාරිත්වය වගේම අගනා පෙනුම නිසා ඉන්දියානු යතුරුපැදි විකුණුම් ලැයිස්තුවේ උඩින්ම ඉන්න පුලුවන්කමක් ලැබිලා තියෙනවා.

Engine Type: Air cooled, 4 stroke, SI engine
Max Power: 10.6PS
Max Torque: 10.54Nm
Mileage: 65kmpl


07. Bajaj Platina (බජාජ් ප්ලැටිනා)


ඉන්දියාවේ හොඳම යතුරුපැදි දහය අතරට මේ බජාජ් ප්ලැටිනා යතුරු පැදිය එකතුවෙන්නේ ගොඩක් හොඳ ඉන්දන ක්‍රියාකාරීත්වයක් තියෙන නිසායි. මේ ප්ලැටිනා යතුරු පැදියේ අලුත්ම බයික් එකේ පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 96.9 ක් තෙල් වැඩකරනවා. ඒ කියන්නේ දැනට ලෝකයේ තියෙන තෙල් ක්‍රියාකාරිත්වය අතින් ගත්තහම 100cc කාණ්ඩයේ තියෙන හොඳම යතුරුපැදිය වෙනවා. මේ අලුත් ප්ලැටිනා බයික් එක Platina ES නමින් නම්කරලා තියෙනවා වගේම, මේ බයික් එක තවත් මිනිස්සු අතරට යවන්න බජාජ් ආයතනය විසින් ඉලෙක්ට්‍රක් ස්ටාට් එකක්, එහෙමත් නැත්නම් සෙල්ෆ් ස්ටාට් එකකුත් අඩංගු කරලා තියෙනවා. 

Engine: 102 CC Single cylinder 2 value DTSI air-cooled petrol engine
Max power: 8.1 BHP @ 7500 RPM
Max torque: 8.6 Nm @ 5000 RPM


06. Hero Karizma (හීරෝ කරීෂ්මා)


හීරෝ හොන්ඩා කරීෂ්මා යතුරුපැදිය ඉන්දියාවේ හොඳය යතුරු පැදියක් වන අතර, යතුරු පැදි සම්ප්‍රදාය වෙනස් කරපු යතුරුපැදියක් කියලත් හදුන්වන්න පුලුවන්. හීරෝ මොටෝකෝප් විසින් නිෂ්පාදනය කරනු ලද මේ කරීෂ්මා යතුරු පැදිය ඉන්දියාවේ වෙළදපලට 2003 වසරේ නිකුත් කරනු ලැබුවා. ඒ වගේම Karizma R කියලා යතුරුපැදියක් 2007 වර්ෂයේ දීත්, 2009 වර්ෂයේදී Karizma ZMR කියලා යතුරුපැදියකුත් වෙළදපලට නිකුත් වුනා.

Engine: Air cooled, 4-Stroke Single Cylinder OHC
Max power: 14.32 kW (19.2 BHP) @ 7500 rpm
Max torque: 19.35 N-m @ 6000 rpm


05. Hero CBZ (හීරෝ සීබීඉසඩ්)



ඉන්දියානුවන් විසින් වෙළදපලට නිකුත් කරපු හොඳ යතුරු පැදියක් කියලා හදුන්වන්න පුලුවන්. Hero CBZ බයික් ක Hero Honda Motors (India) ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලැබූවක්. මේ බයික් එක මුලින්ම වෙළදපලට නිකුත් වුනේ 1999 දී. අවුරුදු පහක් විතර යනකම් මේ බයික් එකේ කිසිම වෙනස් වීමක් සිදුවුනේ නැහැ. 2004 වර්ෂයේදී, CBZ Star (CBZ*) කියන යතුරු පැදිය වෙළදපලට නිකුත් වුනා.

කොහොමහරි, මේ හීරෝ CBZ බයික් එක 2005 සැප්තැම්බර් වලින් පස්සේ බෙදාහරින එක නැවැත්තුවා. අවුරුදු දෙකක පරතරයකට පස්සේ CBZ බයික් එක CBZ-Xtreme කියලා හොන්ඩා ජියර් 5 ක 149cc ඉන්ජින් එකක් එක්ක සම්පූර්ණයෙන්ම වෙනස් හැඩයක්, නිමාවක් වගේම ජවයක් එක්ක වෙළදපලට නිකුත් වෙනවා. 

නැවත වතාවක් 2008 අවුරුද්දේ මේ බයික් එක වෙලදපල ආක්‍රමණය කරන්න පටන් ගත්තා. 

Engine: Air cooled, 4 – stroke single cylinder OHC
Max power: 10.6 KW (14.4 Ps) @ 8500 rpm
Max torque: 12.80 Nm @ 6500 rpm


04. TVS Star City PLUS (ටීවීඑස් ස්ටාර් සිටි ප්ලස්)


TVS Star City Plus, යතුරු පැදිය වෙළදපල ආක්‍රමණය කරපු යතුරුපැදියක් විදිහට හදුන්වන්න පුලුවන්. මේ යතුරු පැදියේ තියෙන හැන්ඩලින් වල පහසුකම අතින් ගත්තොත් ඉතාම ඉහළ අගයක හැන්ඩලින් සහ බැලන්සින් තියෙනවා. යතුරු පැදිය ධාවනය කරන පුද්ගලයාට පිටිපස්සේ තියෙන ෂොක්ඇබ්සෝබර් කිසිම අමතර ටූල් එකක් නැතිවම කන්වැනින්ට් ලීවර් එකෙන්ම ඇජස්ට් කරගන්න පුලුවන්. මේ බයික් එකට තියෙන්නේ 100 cc එන්ජින් එකක්. තෙල් අතින් ගත්තොත් ලීටරයකට කිලෝමීටර් 86ක් වැඩකරනවා.

Max power: 8.4 PS @ 7000 rpm
Max torque: 8.7 NM @ 5000 rpm
Weight: 109 kgs


03. Bajaj Discover (බජාජ් ඩිස්කවර්)


ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය යතුරු පැදියක් කියලා කියන්න පුලුවන්. ලංකාවේ විතරක් නෙමෙයි ඉන්දියාවේ පවා ගොඩක් ලොකු ආකර්ෂණයක්, වෙළදපලක් මේ යතුරුපැදියට තියෙනවා. ඉන්දියාවේ බජාජ් නිෂ්පාදකයින් නම් කියන්නේ "බජාජ් පල්සර් බයික් එක තියෙන්නේ තාරුණ්‍යයට නම්, ඩිස්කවර් බයික් එක තියෙන්නේ ඔෆිස් යන අපේම පරම්පරාවටයි" කියලයි. මුලින්ම මේ ඩිස්කවර් බයික් එක වෙළදපලට ආවේ 125cc එන්ජිමක් එක්ක. හැබැයි පස්සේ 100cc වගේම 150cc ජවයන්ගෙන් යුක්ත එන්ජිමක් සහිතව යතුරු පැදි වෙළදපලට නිකුත් වුනා.

Engine: Single cyl, 4-valve, 124.6 cc DTS-i with ExhausTEC
Max power: 11.5 ps @ 8000 RPM
Max torque: 10.8 Nm @ 6000 RPM


02. Hero Splendor (හීරෝ ස්පෙලන්ඩර්)
මේ හීරෝ ස්පෙලන්ඩර් යතුරුපැදියට තියෙන්නේ 100cc එන්ජින් එකක්. 2014 වර්ෂයේ දී නිෂ්පාදනය වුන මේ බයික් එකට තරගකාරයෙක් විදිහටම හීරෝ ආයතනය විසින් එම වසරේදීම "Splendor iSmart" යනුවෙන් ද යතුරු පැදියක් නිකුත් කරනු ලැබුවා. 

Engine: 97.2 cc air cooled, 4 – stroke single cylinder OHC
Max power: 6.15 kW (8.36 Ps) @ 8000 rpm
Max torque: 0.82 Kg-m (8.05 Nm) @ 5000 rpm


01. Bajaj Pulser (බජාජ් පල්සර්)


ඉන්දියානු යතුරු පැදි වලින් බජාජ් පල්සර් බයික් එක තමයි ඕනෑම රටක ඉන්දියානු බයික් වලින් වෙළදපලේ ප්‍රමුඛ ස්ථානය අරගෙන ඉන්නේ. ඉන්දියානු වෙළදපල තුලනම් විකිණෙන අංක එකේ යතුරු පැදිය වෙන්නේ මේ පල්සර් බයික් එක. ඒ වගේම ඉන්දියාව තුල ස්පෝර්ට් වර්ගයේ නිකුත් වුන පළමු වන බයික් එක වන්නෙත් මේ පල්සර් බයික් එක. ඒකත් ඉන්දියානු ආයතනයක් විසින්ම නිෂ්පාදනය කරනු ලැබූවක්. මේ පල්සර් යතුරු පැදිය 135cc, 150cc, 190cc, 200cc, 220cc යන එන්ජින් බල ධාරිතාවයන්ගෙන් වෙළදපලට පැමිණෙනවා.

Engine: 4-stroke, DTS-i, air cooled, single cylinder
Max power: 15.06 @ 9000 (Ps @ RPM)
Max torque: 12.5 @ 6500 (Nm @ RPM)


Post a Comment

4 Comments

  1. First picture 1 waradi...

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මේ ඉන්දියන් ගොබ්බයෝ තමයි ඔයවාගෙ කුනුගොඩවල් අටවලා ලංකාවට එවන්නේ.ඕවත් බයික්ද හැටි විතරක් නිකම් සෙල්ලම් බඩු වාගෙ.අපිටත් කරුමෙට පදින්න වෙන්නෙ ඔය මලජරාවල් තමයි.ජපන් යුරෝප් බයික් පදින්න දෙන්නැති නිසානෙ මේ මගුල් පදින්න වෙන්නේ.

    ReplyDelete