එනර්ජිකා ඊගෝ 2016 ගැන සම්පූර්ණයෙන්ම දැනගන්න (Full review about ENERGICA EGO 2016 - on)



ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල්, එහෙමත් නැත්නම් විද්‍යුත් යතුරු පැදි දැන් ක්‍රම ක්‍රමයෙන් වෙළෙදපොළ ආක්‍රමණය කරන ගමන් තමයි මේ කාලයේ තියෙන්නේ. ඉතින් ඔහොම වෙද්දී මේ අද කියන්න යන මෝටර් සයිකලය අපි පැදලා තියෙන බොහොමයක් බයිසිකල් වල එන්ජිමේ බලයට වඩා හාත්පසින්ම වැඩි බලයක් ලබාදෙන මෝටර් සයිකලයක් කියලා හඳුන්වන්න පුලුවන්. 



ලේසියෙන්ම බයිසිකලේ පදින්න පුලුවන් වගේම හැසිරවීම පවා ගොඩක් ලේසියි. දැන් කෙනෙක් හිතන්න පුලුවන් එහෙනම් මේක කාබන් ෆයිබර් හරි වෙන මොනවගෙන් හරි හදලා බර අඩු කරපු බයික් එකක් වෙන්න ඇති කියලා. නෑ, එහෙම නෑ. මේක 258kg බරයි. විද්‍යුත් බලයෙන් දුවන බයිසිකලයක් විදිහට වගේම ටුවරින් වලට තියෙන බයික් එකක් ඝනයට මේක වැටෙන නිසා බරනම් ටිකක් වැඩියි. නමුත් ඒ බරට වඩා අති දැවැන්ත ජවයක් මේ මෝටර්සයිකලයේ තියෙනවා කියලා කියන්න පුලුවන්. 

මේකේ තියෙන්නේ මහ අමුතුම ලස්සන බීට් එකක්. ජෙට් පැක් එකක සද්දේ අහලා ඇතිනේ. අන්න ඒ සද්දේ තමයි මේ බයික් එකෙත් තියෙන්නේ. මේ බයික් එකේ ලිමිටඩ් එඩිෂන් බයික් එකකුත් එනවා. ඒ බයික් එක Ego 45 කියලා හදුන්වනවා වගේම ඒකට ඉක්මනටම බැටරිය චාර්ජ් කරන්න පුලුවන් වෙන විදිහට සැකසුම් ලබාදීලා තියෙනවා. ඒවගේම මේ ලිමිටඩ් එඩිෂන් එකට Ohlins, Brembos වගේම OZ වීල්ස් පවා ලබාදීලා තියෙනවා.

කලින් කිව්වා වගේම මේ බයික් එකේ බර කිලෝ 258ක්. මේ බයික් එකට ස්ටොක් එන්නේ Pirelli Diablo Rosso Corsa ටයර් වගේම OOze ග්‍රිප් තමයි බයික් එකට ස්ටොක් එන්නේ. ඔයා මේ බයික් එකේ හෙමින් යනවනම් ඔයාට මේ බයික් එකේ බර දැනෙනවා කොහොමටත්. හැබැයි ඉතිං ඔය බර නිසාම පිටිපස්සට එහෙම ගන්න තියෙන වදය නිසාම එනර්ජිගා ආයතනය විසින් මේ බයික් එකට රිවස් ජියර් එකක් ලබාදීලා තියෙනවා.  කරන්න තියෙන්නේ ඉතිං ජියර් එක දාලා පිටිපස්සට හෙමීට යන එකයි. නැතුව හැන්ඩ් එකට පාත් වෙලා බර දීලා පිටිපස්සට කර කර දගලන්න ඕන කමක් මේ බයික් එකේදී නෑ. 

බයික් එකට නැගලා 60 පනිද්දී ෂුවර් එකටම ඔයාට අමතක වෙනවා මම මේ ඉන්නේ ඉලෙක්ට්‍රික් බයික් එකක කියලා. එකපාරටම බෝම්බයක් වගේ ඇදිල්ලක් තමා ඉතින් තියෙන්නේ. 

මේකේ තියෙන්නේ oil cooled threephase AC මැග්නට් මෝටර් එකක්. මේ බයික් එකේදී 4900rpm සහ 10500rpm අතර ඔයාට පුලුවන් එන්ජින් එකේ බ්‍රේක්, බැටරි වගේ දේවල් ඇජස් කරගන්න. කලින් කියන්න අමතක වුනා. මේ බයික් එකේ  කිසිම ජියර් එකක්වත්, ක්ලච් එකක්වත් නෑ.

මේ බයික් එකට 11.7kWh ලිතියම් බැටරියක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ගෙදරදී චාජ් කරනවනම් පැය තුන හමාරක් විතර යනවා. ඒවගේම හයි චාර්ජ් කරන තැනක ඔයා බයික් එක චාර්ජ් කරනවනම් ඔයාට 85% ක් චාජ් කරගන්න යන්නේ විනාඩි 30 ක විතරයි. සැතපුම් 90 ත් 120 ත් අතර යන්න පුලුවන් ෆුල් චාජ් එකකින්. හැබැයි ඉතින් ඒක පවතින්නේ ඔයාගේ ගමනේ හැටියට තමා. 

කලින් කිව්වා වගේම ක්ලච් වත් ජියර් බොක්ස් එකක් වත් මේ බයික් එකේ නෑ. ජියර් වැටෙද්දී ජෙට් එකක් යනවා වගේ ලොකු සද්දයක් තමයි එන්නේ. රිවස් ජියර්  එක දාන්න තියෙන්නෙත් ස්ටාටර් බටන් එකෙන් ගිහින් රිවස් මෝඩ් එක තෝරලා දීලා දෙපාරක් ඇක්සලරේට් කරපු ගමන් ඔයාට පස්සට යන්න පුලුවන්. රිවර්ස් එකේ ටොප් ස්පීඩ් එක තමයි 1.7mph. 



එනර්ජිකා කියන්නේ CRP Group එකේම කොටසක්.  CRP Group එකෙන් තමයි F1 ගෝකාට් වලට පාට්ස් හදන්නේ, ඒ නිසා ඊගෝ කියන්නේ නියමිත ප්‍රමිතියෙන් යුතු බයික් එකක් කියන එකට කිසි සැකක් නෑ. හැබැයි පොඩි අවුලක් තියෙනවා. බැටරිය චාජ් කරන හැම වෙලාවකම බැටරියේ ආයු කාලය කෙමෙන් අඩුවෙනවා. මේක එනර්ජිකා ආයතනයේ වැරැද්දක්. මේ නිසාම එනර්ජිකා ආයතනය මේ වෙද්දී සූදානම් කරගෙන යනවා මේ බයික් එකක් තියෙන අයට මාසෙකට පොඩි ගාණක් ගෙවාගෙන යන්න පුලුවන් වෙන විදිහට බැටරියක් දෙන්න. 

මේ වෙද්දී UK වල මේ බයික් එකට ගැලපෙන ෆාස්ට් චාර්ජින් ස්පොට් හදලා තියෙනවා. බයික් එකත් ටිකක් විතර ගණං වැඩියි.  මේ ඊගෝ බයික් එක ඇජස්ටබල් සස්පෙන්ෂන් එකක් එක්ක එන්නේ. ඒ වගේම Brembo brakes, reverse gear, Bosh ABS, multi-function digital meter, Bluetooth connection වගේ දේවල් ගොඩක්ම තියෙනවා. Ego 45 කියන්නේ මේ ඊගෝ බයික් වර්ගයේ ලිමිටඩ් එඩිෂන් එකක්. මේකේ ලෝකෙටම තාම තියෙන්නේ බයික් 45 යි. 

     Model info
Year introduced 2016
Year discontinued -
New price £18,000
Used price -
Warranty term -
                  Running costs
Insurance group -
Annual road tax -
Annual service cost -
Performance
Max power 136 bhp
Max torque 144 ft-lb
Top speed 149 mph
1/4-mile acceleration -
Average fuel consumption -
Tank range -
Specification
Engine size -
Engine type Oil-cooled permanent magnet three-phase AC electric motor
Frame type Tubular steel trellis
Fuel capacity -
Seat height 810mm
Bike weight 258kg
Front suspension 43mm, fully-adjustable
Rear suspension Single rear, fully-adjustable
Front brake 2 x 330mm discs with four-piston Beringer calipers
Rear brake 250mm single disc with twin-piston Brembo caliper
Front tyre size 120/70 x 17
Rear tyre size 180/55 x 17


එහෙනම්, තවත් ලිපියකින් හම්බවෙමු. ජය!
ඔබේ කැමති, අකමැති දේවල් මේ ලිපියේ තියෙනවනම්, ඒ වගේම අදහස් උදහස් තියෙනවනම් කමෙන්ට් කරගෙනම යන්න!



Post a Comment

0 Comments